සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි. ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම නතර කරන විට කඩුලු 06ක් දැවී ලකුණු 591ක් ලබා සිටියා.
නොදැවී කඩුල්ලේ රැදී සිටි දිනේෂ් චන්දිමාල් ලකුණු 102ක් රැස්කර ගෙන සිටි අතර සදීර සමරවික්‍රම නොදැවී ලබාසිටි ලකුණු සංඛ්‍යාව 104ක්. ශ්‍රී ලංකා පලමු ඉනිමේ දී පිතිකරුවන් සිව්දෙනෙකුම ශතක වාර්තා කිරීමට සමත් වුවා.
ඊයේ දිනයේ තරගය අවසන් කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුළු 4ක් දැවී ලකුණු 386 ක් රැස්කර ගෙන සිටියා. අද දිනයේදී ප්‍රභාත් ජයසූරිය ලකුණු 16කට දැවී ගිය අතර ධනංජය ද සිල්වා දැවී ගියේ ලකුණු 13කටයි. පන්දු යැවීමේදී කර්ටිස් කැම්පර් ලකුණු 70කට කඩුළු 2 ක් දවාගත්තා.