අද (17) පෙරවරු 6 න් අවසන් වූ පැය 48 තුළ අධිවේගී මාර්ග ආදායම රුපියල් කෝටි 7 ඉක්මවා ඇත.
මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්එ ල්. වී. එස්. වීරකෝන් මහතා සඳහන් කළේ මෙම කාලය තුළ අධිවේගී මාර්ගවල ධාවනය වන වාහන සංඛ්‍යාව දෙලක්ෂ පනස් හයදහස ඉක්මවා ඇති බවත්, වාහන සංඛ්‍යාව වැඩි වුවද මාරාන්තික අනතුරක් සිදු නොවීම විශේෂත්වයක් බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.