ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩාගේ ප්‍රධානත්වයෙන් වකයාමා නගරයේ පැවති ජන රැළියක් අතරතුර අග්‍රාමාත්‍යවරයා ඉලක්ක කරගනිමින් දුම් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
මේ සමග අගමැතිවරයා ආරක්ෂිතව රැගෙන යාමට ආරක්ෂක අංශ සමත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
දුම් බෝම්බ විසි කළ පුද්ගලයා අල්ලා ගැනීමට පිරිස සමත් වූ අතර පසුව ඔහු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රහාරයෙන් කිසිවකුටත් තුවාල සිදුවී නොමැත.
ජපානයේ මෙවැනි ප්රචණ්ඩ ක්‍රියා කලාතුරකින් සිදු වුවද රටේ දේශපාලනඥයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවිනිශ්චිතතාවයක් පවතී.
හිටපු ජපාන අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ ද රැලියක් අතරතුර සිදුවූ මෙවැනිම වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වුණා.