TikTok තහනම් කිරීමේ නීතියක් සම්මත කළ පළමු එක්සත් ජනපද ප්‍රාන්තය බවට මොන්ටානා ප්‍රාන්තය පත්ව ඇත.
යෝජිත තහනම් පනත් කෙටුම්පත වැඩි ඡන්ද 11 කින් 43 ට 54 කින් සම්මත වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ අනුව, Montana ආණ්ඩුකාර Greg Gianforte අදාළ නීති සම්පාදනයට අත්සන් කළහොත්, TikTok තහනම ලබන ජනවාරියේ සිට ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක වනු ඇත.
පරිශීලකයින්ගේ දත්ත එක්රැස් කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බැවින් එක්සත් ජනපදය TikTok ක්‍රමයෙන් තහනම් කිරීමට සැලසුම් කරමින් සිටින බවට වාර්තා වේ.