අගනුවර ඇතුළු නගර රැසක සුඩාන හමුදාව සහ පැරාමිලිටරි හමුදා අතර ඇති වූ ගැටුම්වලින් පුද්ගලයන් 50කට වැඩි පිරිසක් මියගොස් 600කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කාර්ටූම් අගනුවර දෙපාර්ශ්වය අතර දරුණු ගැටුම් ඇතිවෙමින් ජනාධිපති මන්දිරයේ පාලනය තමන් අතට ගත් බව පැරාමිලිටරි හමුදා පවසති.
රාජ්‍ය රූපවාහිනී නාලිකාව සහ හමුදා මූලස්ථානයට අමතරව ඩාෆූර්හි හමුදා ගුවන් තොටුපළක් තමන් විසින් පාලනය කරන බව ද ඔවුහු පවසති.
සුඩානය දැනට පරිපාලනය කරනු ලබන්නේ සුඩාන ස්වෛරී කවුන්සිල රජය විසිනි. දෙවසරක සැලැස්ම යටතේ රටේ පාලනය සිවිල් රජයකට පැවරීමට හමුදාව සලකා බලයි. පැරාමිලිටරි කණ්ඩායම් මෙයට විරුද්ධ වූ අතර නිවේදනයෙන් පසුව සටන් ආරම්භ කළහ.