අපරාධ 100කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ හිටපු ඉන්දීය දේශපාලනඥයෙකු අමානුෂික ලෙස වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හිටපු දේශපාලනඥයෙකු වූ අතීක් අහමඩ් සජීවී විකාශනයක් අතරතුර ඝාතනය කර ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රහාරයෙන් අතීක් සහ ඔහුගේ සොහොයුරා වන අෂ්රෆ් අහමඩ් ද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
පොලිසිය බලා සිටියදී වෙඩි තැබීම සිදුවී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඒ අතරට වෙඩික්කරුද අයත්ය.
සිද්ධියෙන් පොලිස් කොස්තාපල්වරයෙකු සහ මාධ්‍යවේදියෙකු ද තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රහාරයට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මීට දින දෙකකට පෙර උත්තර් ප්‍රදේශ් ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් අතීක්ගේ පුත් අසාද් ද මිය ගියේය.