නෙළුව,පාමංකඩ ප්රදේශයේ පිහිටි මිත්තණියගේ නිවසට අලුත් අවුරුද්දට පැමිණි අවුරුදු දෙකහමාරක පිරිමි දරුවෙකු අතුරුදන්ව ඇති බව නෙළුව පොලිසිය පවසයි.
අතුරුදන් වූ දරුවා කැකුළුන්දල ලියනගේ දොන් නිවෙන් දෙව්මිර ලෙස හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි.
මෙම දරුවා තම දෙමව්පියන් සමග අලුත්ගම, දර්ගානගරයේ සිට අලුත් අවුරුද්දට සිය ආත්තම්මාගේ නිවසට පැමිණ ඇත. දරුවා සිය බිරිදගේ නිවසේ සිටියදි අතුරුදහන් වි ඇති බවට දරුවාගේ පියා විසින් නෙළුව පොලිසියට පැමිණිලිකොට ඇත.
පසුව පොලිසිය සහ ගම්වාසින් එක්ව දරුවා සිටි නිවස ඉදිරිපිටින් ගලා යන රංකැට ඇළට දරුවා වැටි සිටිදැයි කියා සොයා ඇති අතර මෙම දරුවා නෙළුව කිනියාවල මාර්ගයේ ගමන් කරමින් සිටි බව මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු සදහන් කොට ඇත. පොලිසිය පවසන්නේ අතුරුදහන් වු දරුවා පිළිබද කිසිදු තොරතුරක් ලැබි නොමැති බවයි.