විදෙස් මාධ්‍ය පවසන්නේ නේපාලයේ කත්මන්ඩු නුවර ලෝකයේ වායු දූෂණය වැඩිම නගර අතර පළමු ස්ථානයට පත්ව ඇති බවයි.
දිගින් දිගටම පවතින ලැව්ගිනි හේතුවෙන් නේපාලයේ නගර දුමාරයෙන් වැසී ඇති බවත් ඒ හේතුවෙන් එරට වායු දූෂණය ඉහළ ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ලොව නගර 101ක වායු දූෂණ මට්ටම මනින සංවිධානයක් වන ‘IQ Air’ට අනුව කත්මණ්ඩු නගරයේ වායු තත්ත්ව දර්ශක අගය 190ක් ලෙස සටහන් වූ අතර ඒ අනුව නගර 101ක් අතරින් කත්මණ්ඩු නගරය පළමු ස්ථානයට පත්ව ඇත.
කත්මන්ඩු නුවර ඇමරිකානු තානාපති කාර්යාලයට අනුව කත්මන්ඩු නුවර වායු තත්ත්ව දර්ශකය 200 ඉක්මවා ඇත. වායු දර්ශක අගය 200 ඉක්මවීම ශරීරයට අහිතකරයි.
(NDTV)