දෘශ්‍යාබාධිත කණ්ඩායමක් විසින් පවත්වාගෙන යන ඇඟළුම් කම්හලක් පිළිබඳව වාර්තා වනවා.
මෙම ඇඟලුම් කම්හලේ නම නේත්‍රාංජලී ඇඟළුම් හල වන අතර එහි හිමිකාරිය ඩිලේකා මනෝහරී මහත්මියයි.
සම්පූර්ණයෙන්ම අන්ධ පුද්ගලයින් පමණක් මෙහි සේවය කරන අතර ඔවුන් පවසා සිටියේ විශේෂ අවශ්‍යතා ඇති පිරිස් සමාජගත කිරීම සහ ස්වයං පුහුණුව ලබා දීම තම අරමුණ බවයි.