මනාලි බේතක් බී නින්දට ගිහින්
මීට දින කිහිපයකට පෙර විවාහ වී, අනුරාධපුර මයිලගස්හන්දිය ආසන්නයේ හෝටල් කාමරයක් කුලියට ගෙන රැඳී සිටි යුවළක පිරිමි පුද්ගලයා ඉකුත් 29 වැනි දා ගෙල වැලලා ගෙන ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පරසන්ගස්වැව, වරාගොඩ ප්රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි ඊ. ඉන්දික රණවීර බණ්ඩාර නමැති අනුරාධපුර නගරයේ ජංගම දුරකතන අලුත් වැඩියාවේ නිරතව සිටි අයකු බව පොලිසිය පවසයි. මීට දින 21කට පෙර විවාහ වී ඇති මෙම යුවළ මයිලගස්හන්දිය ආසන්නයේ පිහිටි හෝටල් කාමරයක් කුලියට ගෙන සිටින අතර වාරයේ දී එම යුවළේ කාන්තාවට ඇති වූ හිසරදයක් හේතුවෙන් එම සැමියා ඖෂධ වර්ගයක් රැගෙන විත් පානය කිරීමට ලබා දී ඇති බවද පොලිසිය පවසයි. එම ඖෂධ පානය කිරීමෙන් අනතුරුව තමාට තදින් නින්ද ගිය බවත් ඇහැරී බලන විට සැමියා එම කාමරයේ සවිකර තිබූ විදුලි පංකාව ආධාරයෙන් ගෙල වැලලා ගෙන සිටි බව මරණකරුගේ බිරිය සිදු කළ ප්රකාශවල සටහන් වේ.
මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබුණි. අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. ජයවීර මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් රත්නායක (47902) මහතා මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලැබීය.
අනුරාධපුර සංචාරක – සශිනි මධුෂානි