වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ කලකට ටෙස්ට් ක්‍රිකට් තරගවලට ක්‍රීඩා නොකළ යුතු බව තමාට පෞද්ගලිකව දැනෙන බව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ චෙන්නායි කණ්ඩායම මෙහෙයවන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි ප්‍රකාශ කළා.
මතීෂ පතිරණ එක්දින තරඟ අඩුවෙන් ක්‍රීඩා කළ යුතු බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල තරඟාවලි සඳහා සූදානම් විය යුතු බවත් තමාට හැඟෙන බව පැවසීය.
ඔහු ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයෙකු වනු ඇති බවයි පැවසුවේ.
ඔහු මේ බව කියා සිටියේ චෙන්නායි කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර පැවති තරඟය ජයගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 139ක් රැස් කළා.
18 වැනි ඕවරයේදී චෙන්නායි සුපර්කිංග්ස් පිලට අවශ්‍ය සියලු ලකුණු ලැබිණි.
මතීෂ පතිරණ ඕවර 4කදී ලකුණු 15ක් ලබාදී කඩුලු 03ක් දවාගනිමින් තරගයේ වීරයා විය.