ශ්‍රී ලංකාව තුළ තවත් කොරෝනා මරණ 3ක් වාර්තා වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම මරණ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.
මේ අතර පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ළමුන් තුළ පාචනය වැනි රෝග වර්ධනය වෙමින් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.
වර්ෂාවත් සමඟ මැස්සන් වැනි සතුන් බෝවීම වැඩිවීම මෙම රෝගවලට හේතු වී ඇති බව ඔහු පැහැදිලි කරයි.
කුඩා දරුවන් මෙවැනි රෝගවලින් ආරක්ෂා කර ගැනීම සඳහා සෞඛ්‍ය සහ ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කිරීම ඉතා වැදගත් බව වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.