මෙරටින් හමුවෙන ඒඩ්ස් (HIV) ආසාදිතයන් සංඛ්‍යාව වසරෙන් වසර වර්ධනය වන බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පෙන්වා දෙයි.
ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ වැඩ බලන අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනක වේරගොඩ සඳහන් කරන්නේ, පසුගිය වසර තුනක කාලය තුළ ලිංගාශ්‍රිත ආසාදිතයන් 1,700ක් පමණ මෙරටින් හඳුනාගෙන ඇති බවය.
මෙම ලිංගාශ්‍රිත රෝග සහ ඒ්ඩ්ස් රෝග සම්බන්ධ රෝගීන්ගෙන් තුනෙන් එකක්ම වයස අවුරුදු 15ත් 29ත් අතර තරුණ පිරිස් බව හඳුනාගෙන ඇතැයි විශේෂඥ වෛද්‍ය ජනක වේරගොඩ වැඩිදුරටත් සඳහන් කරයි.