පුද්ගලයන් 39 දෙනෙකු සමඟ චීන ධීවර යාත්‍රාවක් මධ්‍යම ඉන්දියන් සාගරයේ දී පෙරළී ඇත.
රාජ්‍ය මාධ්‍ය පැවසුවේ චීන ජාතිකයින් 17 දෙනෙකු, ඉන්දුනීසියානු ජාතිකයින් 17 දෙනෙකු සහ පිලිපීන නාවිකයින් 5 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි.
අතුරුදන්වූවන් පිළිබඳ කිසිදු හෝඩුවාවක් මෙතෙක් සොයාගෙන නොමැති බව සඳහන්.
කලාපය පුරා සිටින සෝදිසි සහ ගලවා ගැනීමේ කණ්ඩායම් එම ස්ථානයට ගොස් ඇති අතර මෙහෙයුමට සහාය වීම සඳහා චීනය නැව් දෙකක් යොදවා ඇති බව එහි සඳහන් වේ.
චීන රාජ්‍ය මාධ්‍ය පැවසුවේ මෙම යාත්‍රාව “Lu Peng Yuan Yu 028” ලෙස නම් කර ඇති අතර එහි හිමිකාරීත්වය Penglai Jinglu Fishery Co. සමාගමට අයත් යාත්‍රාව එරට වේලාවෙන් අඟහරුවාදා අලුයම 3 ට පමණ මධ්‍යම ඉන්දියන් සාගරයේදී පෙරළී ඇත.
පසුගිය මාසයේ පිලිපීන වෙරළට ඔබ්බෙන් වූ චීන කැණීම් නෞකාවක් පෙරලීමෙන් කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු ද ජීවිතක්ෂයට පත් විය.