මේ වන විට රටේ පවතින වෛද්‍ය හිඟය බොහෝ රෝහල්වලට බලපා ඇත. ඊට තවත් උදාහරණයක් ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලෙන් වාර්තා වේ. රත්නපුරයට අමතරව හම්බන්තොට, මාතර, මොණරාගල දිස්ත්‍රික්කවල ජනතාව මෙම රෝහලට පැමිණෙන බැවින් එය ඉතා කාර්යබහුල රෝහලකි.
රෝහලේ සිටින නිර්වින්දන වෛද්‍යවරුන් දෙදෙනාම විදේශ රැකියා සඳහා පිටව යන බැවින් ඔවුන් වෙනුවට වෛද්‍යවරියක් තාවකාලිකව තාවකාලිකව වෛද්‍යවරියක් අනුයුක්ත කෙරුණ ද ඇයත් විදෙස් පුහුණුවක් සඳහා මේ වනවිට පිටව ගොස් සිටිනවා.
රෝහලේ නිර්වින්දන වෛද්‍යවරයකු නොමැතිකම නිසා සති දෙකකට වැඩි කාලයක් මෙහි බරපතළ සැත්කම් සිදු කර නොමැති අතර රෝගීන් බරපතළ තත්ත්වයට පත්ව සිටිති. මේ තත්ත්වය තුළ රෝහල්ගත වූ රෝගීන් ශල්‍යකර්ම සහ දැඩි සත්කාර සඳහා වෙනත් රෝහල්වලට මාරු කිරීමට රෝහල් අධ්යක්ෂවරයාට සිදු විය.