පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරන පෙත්සම් විභාගය අද (20) ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ වී තිබේ.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ සහ අර්ජුන් ඔබේසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම විභාගයට ගැනිණි.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි අධිනීතිඥ දර්ශන වේරදූවගේ මහතා අධිකරණයට දන්වා සිටියේ පනත් කෙටුම්පතේ අඩංගු විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි. එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ නීතිඥවරයා පෙන්වා දුන්නේ සමලිංගික ක්‍රියාකාරකම් නීති විරෝධී නොවන බවට වන වගන්තියක් පනත් කෙටුම්පතේ ඇතුළත් බවයි.
මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 12 (1) වගන්තිවලින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් එබැවින් පනත් කෙටුම්පත ජනතාවගේ අනුමැතිය සඳහා යොමු කළ යුතු බවත් නීතිඥවරයා පැවසීය. අයදුම්පත්‍රයේ වැඩිදුර විභාගය ඊයේ (21) දිනට කල් තැබිණි.