ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ රැකියා අවස්ථා, මානව සම්පත් සංවර්ධනය, ජපන් ආයෝජන ශ්‍රී ලංකාවට ගෙන ඒම සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සහ ජපානයේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරික සමූහයක් වන Pasona Group අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇත.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර නිල සංචාරයේදී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ බව වාර්තා වේ.
ඒ අනුව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සහ පැසෝනා සමූහ ව්‍යාපාරය අතර මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලදී.
මෙම අවබෝධතා ගිවිසුම යටතේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් රැකියා අවස්ථා සඳහා බඳවා ගැනීමට අපේක්ෂා කරන ජපාන සමාගම් සිය සහාය ලබා දෙනු ඇත.
මීට අමතරව ජපානයේ රැකියා සොයන ශ්‍රී ලාංකික පුරවැසියන්ට රැකියා අවස්ථා සොයා ගැනීමට අවශ්‍ය සහය ලබාදීමට Pasona Group කටයුතු කරයි.
මෙම ආයෝජන ගිවිසුම යටතේ ජපාන ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා Pasona Group විසින් ආයෝජන සම්මන්ත්රණ සහ ආයෝජන උපදේශන ද පවත්වනු ඇත.
එමෙන්ම සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය සඳහා සංචාරක ක්ෂේත්රයේ නියුතු වෘත්තිකයන්ගේ නිපුණතා සහ පුහුණුව වැඩිදියුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු අතර ජපන් සංචාරකයින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කළ යුතුය.