රහසිගත දත්ත රැසක් අන්තර්ජාලයට මුදාහැර ඇමරිකාව ලෝකය හමුවේ අපහසුතාවයට පත්කළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ් ය වාර්තා කරයි.
අමෙරිකානු ගුවන් හමුදාවේ ජාතික ආරක්ෂක බළකායේ 21 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. FBI නිලධාරීන් සැකකරු බොස්ටන්හිදී අත්අඩංගුවට ගත් බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
රජයේ ආරක්ෂක තොරතුරු රහසිගතව සම්ප්‍රේෂණය කිරීම අපරාධයක් බවට පත් කරන ඔත්තු බැලීමේ පනත යටතේ ඔහුට එරෙහිව නඩු පවරන බව ඇමෙරිකානු නිලධාරීහු පැවසූහ. අන්තර්ජාලයට මුදාහරින රහස් දත්ත හරහා ඇමරිකාවේ මිත්‍ර රටවල මෙන්ම සතුරු රටවල යුද උපක්‍රම ඇතුළු රහස් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.