ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ බෝද්ගයා නගරයේ එළවළු වෙළඳපොලේ ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
වාර්තා වන පරිදි ගින්නෙන් වෙළඳසැල් 100 කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. ගින්නෙන් පසු ඇතැම් වෙළෙඳසල්වල ගෑස් සිලින්ඩර රැසක් ද පුපුරා ගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම හදිසි ගින්නෙන් යතුරුපැදි 6ක් ද විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ. ගින්නෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති අතර ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර බිහාර් බලධාරීන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.