ඉන්දුනීසියාවේ ජාවා දූපත් ආසන්න මුහුදේ මැග්නිටියුඩ් 7.0ක ප්‍රබල භූ කම්පනයක් ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා කාර්යාංශය නිවේදනය කළේය.
ඉන්දුනීසියාවේ ජාවා දූපත් ආශ්රිත ටුබන් මුහුදු ප්‍රදේශයට බලපෑ භූමිකම්පාවේ විශාලත්වය හේතුවෙන් සුනාමි අවදානමක් තිබේද නැද්ද යන්න පිළිබඳ නිල ප්‍රකාශයක් නොමැති බව එක්සත් ජනපද භූ විද්‍යා කාර්යාංශයේ වෙබ් අඩවිය පවසයි.