තායිවානයට එරෙහිව චීනයේ තෙදින යුද අභ්‍යාසයේ දෙවන දිනය අදයි. ඒ සඳහා චීන නාවික හමුදාව සහ ගුවන් හමුදාව යොදවා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
මෙම යුද අභ්‍යාසය තායිවානයට ප්‍රබල අනතුරු ඇඟවීමක් බවද චීනය පවසයි. අද උදෑසන තායිවානය ආසන්නයට චීන යුද ගුවන් යානා 71ක් පියාසර කළ බව තායිවානය පවසයි. චීන යුද නෞකා 09ක් තායිවානය වටකරමින් සිටින බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
චීනයේ ක්‍රියාකලාපය ගැන කෝපය පළ කරමින් තායිවානය කියා සිටියේ ජනාධිපතිනි එක්සත් ජනපද කථානායක හමුවීම චීනයට හමුදා අභ්‍යාස කිරීම නිදහසට කරුණක් ලෙස යොදා ගන්නා බවයි.
මෙමගින් කලාපයේ සාමය, ස්ථාවරත්වය සහ ආරක්ෂාව පළුදු වන බවට තායිවානය චෝදනා කරයි. මේ අතර, තායිවානයේ ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ ඔවුන් රට ආරක්ෂා කිරීමට සටන් කරන බවයි.
යුද උණුසුම වැඩි කළ මේ චීන තායිවාන අර්බුදයට ඇමරිකාවත් මැදිහත් වුණා. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ අමෙරිකානු තායිවාන රාජ්‍ය තාන්ත්‍රික හමුව සම්බන්ධයෙන් වැඩි ප්‍රතිචාරයක් නොදක්වන ලෙසයි.
තායිවාන ජනාධිපතිනි සායි ඉන් වෙන්ග් මධ්‍යම ඇමරිකානු රටවල සංචාරයක නිරත වෙමින් සිටින අතරවාරයේ එක්සත් ජනපද කථානායක කෙවින් මැකාති හමුවිය.
චීනය මෙම යුද අභ්‍යාස මාලාව දියත් කර ඇති අතර ඊට දැඩි විරෝධය පළ කර තිබේ. තායිවාන ජනාධිපතිනි සිය රටට පැමිණීමෙන් අනතුරුව චීනය සිය යුද අභ්‍යාස වේගවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.