යාපනය ඩෙල්ෆ්ට් දූපතේ නිවසක් තුළදී කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පස් දෙනෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, සැකකරු ඊයේ (22) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව ය.
සැකකරු සන්තකයේ තිබී 51 හැවිරිදි පුද්ගලයෙකු, රන් මාල තුනක්, වළලු දෙකක්, වළලු 1ක්, මුදු 8ක්, කරාබු දෙකක් සහ ලොකට් එකක් සහ ජංගම දුරකථන දෙකක් ද සොයාගෙන ඇති බව පොලීසිය පවසයි. .
මෙම පුද්ගලයා වසර 20කට ආසන්න කාලයක් ජර්මනියේ පදිංචිව සිට මෙරටට පැමිණ ඇති බවයි පොලිසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ.
සැකකරු පුංකුඩුතිව් ප්‍රදේශයේ නිවසක සිටියදී පොලිසිය විසින් සොයාගෙන ඇති අතර ඊයේ අලුයම යාපනය ඩෙල්ෆ්ට් දූපතේ ජැටිය ආසන්නයේ මාවිලි ප්‍රදේශයේ නිවසකදී මෙම සාහසික අපරාධය සිදුව ඇත.
මියගිය අය අතර පිරිමි දෙදෙනෙක් සහ කාන්තාවන් තිදෙනෙක් වෙති. ඉන් එක් අයෙක් කාමරයක් තුළදී ඝාතනය කර ඇති අතර අනෙක් පුද්ගලයා සාලයේදී ඝාතනය කර ඇත.
මීට අමතරව තවත් කාන්තාවක් කාමරයක ඇඳක් මත ඝාතනය කර ඇති අතර තවත් කාන්තාවන් දෙදෙනෙකු එම නිවසේ පිටත පොලිසිය විසින් සොයා ගන්නා ලදී.
එමෙන්ම තත්ත්වය බරපතල වූ තවත් කාන්තාවක් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
අදාළ කාන්තාව විදේශගතව සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවට මේ වනවිට අනාවරණ වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මියගිය සියලු දෙනාම වැඩිහිටි අය වන අතර ඔවුන් ඥාති සබඳතාවක් ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.