ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වලට අනුව ස්ථාන 12ක් ඉදිරියට පැමිණ පන්දු වාර 20යි 20 පිතිකරුවන් අතර 23 වැනි ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකාවේ චරිත් අසලංක සමත්ව තිබේ.
දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ 20යි 20 පන්දු යවන්නන් අතර 10 වැනි ස්ථානයට පැමිණ ඇති අතර ඔහු මීට පෙර 13 වන ස්ථානයේ පසුවිය.
20යි 20 නවසීලන්තයට එරෙහිව පැවති පළමු තරගයේදී දැක්වූ දස්කම් හේතුවෙන් අසලංක සහ තීක්ෂණ ශ්‍රේණිගත කිරීම්වල ඉහළට පැමිණ තිබෙනවා.
කෙසේ වෙතත්, පැතුම් නිස්සංක ස්ථාන දෙකක් පහත වැටී 15 වැනි ස්ථානය දක්වා, පළමු තරගයේදීම ලකුණු බින්දුවකට ඉවත්ව ඇත.
පන්දු යවන්නන් ලැයිස්තුවේ පෙරමුණේ පසුවන්නේ ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන් වන අතර ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග දෙවැනි ස්ථානයේ පසුවෙයි.