වසර දෙකක කාලයක් භාවිත නොකළ Google ගිණුම් අත්හිටුවීමට Google සමාගම තීරණය කර තිබෙනවා.
අන්තර්ජාලය හරහා අනවසරයෙන් ඇතුළුවීම සහ ආරක්ෂක තර්ජන වැළැක්වීමේ උත්සාහයක් ලෙස ගූගල් මේ ආකාරයෙන් ක්රියා කරන බව ඔවුහු පවසති.
වසර දෙකක් භාවිත නොකළ ගිණුම් දෙසැම්බර් මාසයේ සිට මකා දැමීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.
Google ගිණුම අවම වශයෙන් වසර දෙකක්වත් භාවිතා නොකළහොත් හෝ ලොග් වී නොමැති නම්, එය Gmail, Docs, Drive, Meet සහ Calendar වෙතින් මෙන්ම YouTube සහ Google Workspace වෙතින් මකා දැමිය හැකි බවද ඔවුන් දැනුම් දුන්නා.