අද (09) මධ්‍යම රාත්‍රී 12 සිට වෘත්තීය සමිතිවල උද්ඝෝෂණය ක්‍රියාත්මක කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.
විනය චෝදනාවලට ලක්ව සිටින පුද්ගලයෙකු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වාණිජ තනතුරට පත්කිරීමට විරෝධය පළකරමින් වර්ජනයක නිරතවීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන් සඳහන් කළා.
අද මධ්‍යම රාත්‍රී 12 සිට පැය 24ක සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව පවසමින් එම තීරණය වහාම හකුලා ගන්නා ලෙස දුම්රිය ස්ථානාධිපතිවරු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.