ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ වෛද්‍යවරුන් විසින් මිය ගිය බව ප්‍රකාශ කළ තරුණයෙකුට යළි පණ ලැබී ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අදාළ තරුණයාගේ මරණය පිළිබඳ පවුලේ අයට දැනුම් දීමෙන් පසු ඔවුන් දේහය බැලීමට ගියහ.
එම අවස්ථාවේ ඥාතීන් ඔහුගේ චලනය දැක වහාම වෛද්‍යවරුන් දැනුවත් කර ඇත.
ඔහු මිය ගොස් පැය දෙකකට පසු ඔහු නැවත ජීවය ලැබීමේ පුවත වෛද්‍යවරුන් විසින් තහවුරු කර ඇත. 16 හැවිරිදි සැමී බර්කෝ හෘදයාබාධයකින් රෝහල් ගත කර ඇත.
තරුණයා ජීවතුන් අතර සිටින බව දැනගත් වෛද්‍යවරුන් කම්පනයට පත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.