උතුරු සිරියාවේ IS සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු ඉලක්ක කරගනිමින් ඇමරිකානු හමුදාව මෙහෙයුමක් සිදුකළා.
මැදපෙරදිග සහ යුරෝපය ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාර සැලසුම් කරමින් සිටි ජ්‍යෙෂ්ඨ IS නායකයෙකු ඉලක්ක කර ගනිමින් සිය හමුදා මෙම මෙහෙයුම සිදු කළ බව එක්සත් ජනපද හමුදා මධ්‍යම අණදෙන නිලධාරියා පැවසීය.
ජ්‍යෙෂ්ඨ අයිඑස් නායකයකුගේ සැඟවුණු ස්ථානයට ඇතුළුවීමට ඇමෙරිකානු හමුදාව හෙලිකොප්ටර් යොදාගෙන ප්‍රහාරය දියත් කළේය.
මෙම මෙහෙයුම අතරතුර ඉස්ලාමීය සටන්කාමීන් සහ ඇමරිකානු සොල්දාදුවන් අතර දරුණු වෙඩි හුවමාරුවක් සිදුවූ බව විදෙස් මාධ්‍ය පවසයි.
අමෙරිකානු හමුදාව සිදුකළ මෙහෙයුමට අනුව මැදපෙරදිග සහ යුරෝපය ඉලක්ක කරගනිමින් ප්‍රහාර සැලසුම් කරමින් සිටි ජ්‍යෙෂ්ඨ IS නායකයෙකු ඇතුළු ත්රස්තවාදීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව එක් ත්‍රස්තවාදියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇමරිකානු හමුදා මධ්‍යම විධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙහෙයුම පිළිබඳ තොරතුරු ඉදිරියේදී සවිස්තරාත්මකව නිකුත් කරන බවයි.
උතුරු සිරියාවේ සැඟවී සිටින ඉස්ලාමීය සංවිධානයක් එහි පසුපෙළ නායකයින් ඉලක්ක කර තිබේ