යෝජිත නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් ඉන්දීය නිලධාරීන් සමඟ සාකච්ඡා කරන බව ඊශ්‍රායල ආර්ථික අමාත්‍ය Nir Barkat පවසයි.
ඉන්දීය ආර්ථිකය වර්ධනය වෙමින් පවතින බවත් නුදුරේදීම එය ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකය බවට පත් වනු ඇති බවත් ඔහු ප්රරකාශ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර වෙළඳ ගිවිසුම් පුළුල් කිරීම සහ ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරන බව ද අමාත්‍යවරයා පැවසීය.
ඉන්දියාව ඊශ්‍රායලයේ මිතුරෙකු බවත් ප්රජාතන්ත්රවාදය සහ මානව හිමිකම් සම්බන්ධයෙන් දෙරටටම ගරු කරන බවත් ඊශ්‍රායලයේ ආර්ථික අමාත්‍යවරයා පවසයි. ආරක්ෂාව සහ ආර්ථිකය සම්බන්ධයෙන් දෙරටටම එක හා සමාන අභියෝගවලට මුහුණ දීමට සිදු වන බව ඔහු පවසයි.
ඉන්දියාව සහ ඊශ්‍රායලය 2010 වසරේ නිදහස් වෙළෙඳ ගිවිසුමට මුල පිරූ අතර දෙරට අතර වෙළෙඳ ගිවිසුම් ශක්තිමත් කිරීමත් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම යළි කඩිනම් කිරීමට දෙපාර්ශ්වයේම අවධානය යොමුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.