නීතිවිරෝධී ලෙස යුරෝපා රටවලට ඇතුළු වීමට ශ්‍රී ලාංකිකයින් භාවිත කරන නව ක්‍රමයක් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අනාවරණය කරගෙන තිබේ.
බොහෝ යුරෝපීය රටවලට ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාල නොමැති බැවින් ඒ ඒ රටවලට යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගැනීමට ඉන්දියාවට යාමට සිදුවේ. මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ශ්‍රී ලාංකිකයින් ඉන්දියාවට ගොස් තැරැව්කරුවන් හරහා ව්‍යාජ තොරතුරු ඇතුළත් කර ව්‍යාජ වීසා සකස් කර යුරෝපා රටවලට පැන යන බව අනාවරණය වී තිබේ.
ව්‍යාජ ලෙස සලස් කරන ලද මෝල්ටා රාජ්‍යයේ වීසා බලපත්‍රයක් ලබාගෙන ඉන්දියාවට යාමට උත්සාහ කළ පුද්ගලයෙකු ඊයේ කටුනායක ගුවන් තොටුපළේ පිටත්වීමේ පර්යන්තයේදී ආගමන විගමන නිලධාරීන් විසින් 32 හැවිරිදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.