ඉන්දියාව සහ රුසියාව ගෝලීය වශයෙන් බලපෑම් එල්ල කල හැකි බලවතුන් බව චීනය පවසනවා.
එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නින්ග් පැවසුවේ ඉන්දියාව සහ රුසියාව සමග සබඳතා ශක්තිමත් කර ගැනීමට චීනය සූදානම් බවයි.
රුසියාවේ නව විදේශ ප්‍රතිපත්ති සංකල්පය හරහා ඉන්දියාවට ප්රමුඛ ස්ථානයක් ලබා දී ඇතැයි රුසියාව ඉකුත් දා ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් චීන විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්රකාශිකාවගෙන් විමසා ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
එහිදී ඇය සඳහන් කර තිබුණේ ගෝලීය අර්බුදවලට මුහුණ දීමේදී ඉන්දියාව සමග පවතින සන්නිවේදනය ශක්තිමත් කර ගැනීමට සූදානම් බවයි.