රුසියාවේ මිසයිල ප්‍රහාරවලින් යුක්රේනයේ කියෙව් අගනුවර ඇතුළු නගර රැසකට හානි සිදුව තිබේ. ඩිනිප් නගරයේදී කාන්තාවක් සහ දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
යුක්රේන ගුවන් ආරක්ෂක පද්ධති නව මහල් ගොඩනැගිල්ලකට හානි කර මිසයිල 11ක් සහ ප්‍රහාරක ඩ්‍රෝන යානා දෙකක් බිම හෙළා ඇත.
කෙසේ වෙතත්, කියෙව් නගරයේ හමුදා පරිපාලනයේ ප්‍රධානියා පැවසුවේ දින 51 කින් අගනුවරට එල්ල වූ පළමු රුසියානු මිසයිල ප්‍රහාරය මෙය බවයි.
සිවිල් වැසියන්ගේ ජීවිත හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය නිසා පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.