ජපානයේ හිරෝෂිමා නුවරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ යුක්රේන ජනාධිපති Slensky අතර හමුවක් පැවැත්වුණා.
ජපානයේ ප්‍රධානත්වයෙන් මෙවර G7 සමුළුව හිරෝෂිමා නුවරදී පැවැත්වේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජපානයට ගියේ ජපානයේ විශේෂ ආරාධනාවක් මතයි.
මෙවර G7 සමුළුවට යුක්රේන ජනාධිපති Slenesky ද සහභාගී වන අතර ඒ ජපානයේ විශේෂ ඉල්ලීමකට අනුවයි.
මේ අනුව නායක දෙපළ අතර හමුව සිදුවූයේ G7 සමුළුවට සමගාමීවය.
රුසියානු යුක්රේනය ආක්‍රමණය ආරම්භ කිරීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ යුක්රේන ජනාධිපතිවරයා මුහුණට මුහුණ හමුවී සාකච්ඡා පැවැත්වූ පළමු අවස්ථාව මෙයයි.
යුක්රේනයේ යුද්ධය මුළු ලෝකයටම ගැටලුවක් බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
රුසියානු – යුක්රේන ආරවුල් විසඳාගත හැක්කේ සාකච්ඡා මාර්ගයෙන් පමණක් බවත් ඕනෑම සාම ප්රයත්නයකට සහය දීමට ඉන්දියාව සූදානම් බවත් අගමැති නරේන්ද්‍ර මෝදි උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.