මේ වනවිට හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම ගොවීන් වගා විනාශවීමේ දැඩි අනතුරකට වැටී සිටින අතර එම දිස්ත්‍රික් රෝහලේ උග්‍ර වෛද්‍ය හිඟයක් ද පැවතීම පිළිබඳව කිසිවක් සොයා නොබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ යාල වනෝද්‍යානයේ සංචාරක ප්‍රවේශපත්‍ර ලබාදීම පිළිබඳ පෞද්ගලිකවම සොයා බැලීමට ගොස් ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇමරිකන් තානාපතිනිය සහ සංචාරක ඇමති හරීන් ප්‍රනාන්දු සහ තවත් කිහිප දෙනෙකු සමඟ ඊයේ (19) මෙම සංචාරයේ නිරත වී තිබේ. විදේශ සංචාරකයන්ට පහසුවෙන් වනෝද්‍යානයට ඇතුළු වීමේ ප්‍රවේශ පත්‍ර ඔන්ලයින් ක්‍රමයට ලබාදීමට කටයුතු කිරීම කෙරෙහි එහිදී දැඩි අවධානය යොමු කර ඇත.
වී වගා කළ ගොවීන් ඇතුළු ගොවීන් හට නිසි කලමනාකාරණයකින් යුක්තව අවශ්‍යම මොහොතේදී ජලය ලබා දීමට කිසිදු මැදිහත්වීමක් නොකළ ජනාධිපති සහ ආණ්ඩුව වන සතුන්ට ජලය සැපයීම පිළිබඳව ද කරුණු සොයා බැලූ බව වාර්තා වේ.
මෙයට පෙර යාල ජාතික වනෝද්‍යානයේ කටයුතු පිළිබඳව දැඩි අවධානයක් යොමු කර තිබුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ය.