ෆින්ලන්තයේ හෙල්සින්කි අගනුවරට මදක් ඔබ්බෙන් පිහිටි එස්පූ නගරයේ තාවකාලික පදික පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 27 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
තුවාල ලැබූවන්ගෙන් වැඩි ප්‍රමාණයක් පාසල් සිසුන් බව ගලවා ගැනීමේ සේවා පවසයි.
මෙම ළමුන් ගුරුවරුන් සමඟ ක්ෂේත්‍ර චාරිකාවකට ගොස් ආපසු එමින් සිටියදී තාවකාලික අඩිපාර කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් පාසල් සිසුන් 26 දෙනෙකු සහ වැඩිහිටියෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් 24 දෙනෙකුට රෝහල් ප්‍රතිකාර අවශ්‍ය බව බලධාරීහු පවසති.
මේ අතර එම ප්‍රදේශයේ ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් පවතින අතරවාරයේ පාලම තාවකාලිකව ඉදිකර තිබේ.
කෙසේ වෙතත්, ෆින්ලන්ත හදිසි අනතුරු අංශයේ නිලධාරීන් මේ වන විට තුවාල ලැබූ සියලු දෙනා රෝහල් ගත කරමින් සිටින බවද විදෙස් මාධ්‍ය පවසයි.