පොලීසිය සඳහන් කළේ, සිය පෙර පාසලේ සංවිධානය කර තිබූ අලුත් අවුරුදු උත්සවයකට සහභාගී වීමට යමින් සිටි තරුණ පෙර පාසල් ගුරුවරියක් අද උදෑසන තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවයි. මෙලෙස මියගොස් ඇත්තේ මුරුතලාව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අංජලී චාපා නමැති තරුණියකි.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ පේරාදෙණියකොබ්බෑකඩුව ගිනිහේන ප්‍රදේශයේ මාර්ගයකදී ඝාතනය කර ඇති බවයි.
සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණ වී නැහැ.
මෘත ශරීරය ඉලුක්තැන්න රෝහලේ තැම්පත් කර ඇත.