ඔස්ට්‍රේලියාවේ කේන්ස්හි ක්‍රිස්ටල් කැස්කේඩ් දිය ඇල්ලේ ගිලී ශ්‍රී ලාංකික පුරවැසියන් දෙදෙනෙකු මියගොස් ඇති බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය පවසයි. මියගිය දෙදෙනාගෙන් එක් අයෙකු සිසිර ගජනායක නමැති 59 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු වන අතර අනෙක් පුද්ගලයා ගජනායක මහතාගේ 21 හැවිරිදි පුත්‍රයෙකු බව තහවුරු වී තිබෙනවා.
ගජනායක මහතා පවුල් හතරක පුද්ගලයන් 18 දෙනෙකු සමඟ නිවාඩුවක් ගත කිරීම සඳහා කේන්ස් අසල පිහිටි සුප්‍රසිද්ධ ක්‍රිස්ටල් කැස්කේඩ් ඇල්ල නැරඹීමට පැමිණ ඇත.
ගජනායක මහතා ඇතුළු පිරිස දිය ඇල්ලේ පිහිනීමට හැකි ස්ථානයක පිහිනා ඇත. එහිදී ගජනායක මහතා දියේ ගිලී මියගිය අතර ඔහුගේ පුත්‍රයා ඔහුව බේරා ගැනීමට උත්සාහ කළා. පුතාගේ උත්සාහයද අසාර්ථක වී දෙදෙනාම දියේ ගිලී මිය ගියහ.
පසුව ගජනායක මහතා සමඟ පැමිණි පිරිස් මෙරට වේලාවෙන් සවස 5 ට පමණ හදිසි අනතුරු අංශයට දැනුම් දුන් අතර ඔවුන් පැමිණ ගජනායක මහතා සහ ඔහුගේ පුත්‍රයා දියෙන් ගොඩට ගත්හ.
ඔහු පිටතට ගෙන යන විට සිහිසුන්ව සිටි අතර හදිසි ප්‍රතිකාර ලබා දුන්නද හදිසි ප්‍රතිකාර අංශයට සිහිය ලබා ගැනීමට නොහැකි විය. හදිසි සේවා අංශ ඔහුව ටික වේලාවකට පසු මියගිය බව ප්‍රකාශ කළේය. සිසේර ගජනායක මහතා මෙල්බර්න් නුවර වෙන්චුරා බස් සමාගමේ වසර 8ක් රියදුරෙකු ලෙස සේවය කර ඇත.