යාපනය – ඉරුපලෙයි ප්‍රදේශයේ ළමා නිවාසයක දැරියන් 04 දෙනෙකු දූෂණය කළ බවට චෝදනා එල්ල වූ දේවගැතිවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වයස අවුරුදු අසූවක් වන මෙම දේවගැතිවරයා දූෂණ චෝදනා එල්ල වීම සමඟ යාපනයේ සිට කොළඹට පළා ඇවිත් තිබේ. එහිදී ඔහු පොලිස් අත්අඩංගුවට පත් වූ අතර ළමා නිවාසයේ ළමුන් 16 දෙනෙකු සිටිනවා. ඒ අතරින් දැරියන් සිව් දෙනෙකු දූෂණයට ලක්ව ඇති බව වෛද්‍ය වාර්තාවෙන් තහවුරු වූ අතර කේපායි පොලිසිය ඒ අනුව දේවගැතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.