බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකයට හැරී කුමරු ඔහුගේ බිරිඳ වන මේගන් කුමරිය නොමැතිව සහභාගී වන බව බකිංහැම් මාලිගය ප්‍රකාශ කළේය.
ඒ අනුව මේගන් කුමරිය රාජාභිෂේකයට සහභාගි නොවී සිය දරුවන් දෙදෙනා සමඟ කැලිෆෝනියාවේ රැඳී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේ වෙතත්, වෙස්ට්මිනිස්ටර් ඇබේ හි පැවැත්වෙන තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය සඳහා අමුත්තන් 2,000 ක් පමණ සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.