ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වට්ටෝරු නියෝග අනුව යමින් වර්තමාන ජනාධිපති ජාවියර් මිලෙයි (Javier Milei) ගෙන යන පෞද්ගලීකරණ ක්‍රියාවලියට එරෙහිව දැවැන්ත මහජන විරෝධතා රැල්ලක් හට ගෙන තිබේ.
මේ වනවිට එහි උච්ඡ අවස්ථාවට පැමිණෙමින් දින දෙකක වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කර ඇත. මේ නිසා එරට ගුවන් ගමන් පවා අවලංගු කිරීමට සිදුවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ආජන්ටිනාවේ ආර්ථිකය දිගු කාලයක සිට බරපතළ අර්බුදවල ගිලෙමින් පවතී. මූල්‍ය අරමුදලේ වට්ටෝරු නියෝගවලින් එලියට ඒමට එරට පාලකයන් අසමත්වීමෙන් සමාජය තුළ දැඩි අවිනිශ්චිතතා රැසක ගිලී පවතී. විරැකියාව සහ ආදායම් ප්‍රමාණවත් නොවන ජනතාව ප්‍රමාණාත්මකව අඛණ්ඩව ඉහළ යමින් තිබෙන බව නිල වාර්තාවලින් හෙළිවී ඇත.