කුකුල් බිත්තර ආනයනය කිරීමෙන් ජනතාවට කිසිදු සහනයක් නොලැබුණු බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව බිත්තර ආනයනය කිරීමෙන් දේශීය බිත්තර වෙළෙන්දන්ට එම කර්මාන්තයෙන් ඉවත්වීමේ පසුබිමක් නිර්මාණය වී ඇති බව එහි ජ්‍යෙෂ්ඨ අනුශාසක මාතලී ජයසේකර සඳහන් කළා.
උත්සව සමයේ කුකුල් බිත්තර ආනයනය කර කේක් ඇතුළු නිෂ්පාදනවල මිල අඩු කිරීමට රජය උත්සාහ කළද එය සාර්ථක නොවූ බවත් පාරිභෝගිකයින්ට ද සහනයක් නොලැබුණු බවත් ඔහු සඳහන් කළා.