සිය දියණිය අවශ්‍ය ප්‍රමාණයට වඩා හාල් පිස ඇති නිසා මුහුණ පිළිස්සූ පියෙකු පිළිබඳව පින්වත්ත වඩුපාසල් වත්ත ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙම 16 හැවිරිදි දියණියගේ මව වෙළඳසැලකට ගොස් ඇති අතර රාත්‍රී ආහාරය සඳහා බත් පිසමින් සිටියදී ඇයගේ පියා ඇවිත් රයිස් කුකරයේ පියන විවෘත කර බලා ” මෙතරම් හාල් මොකටද උයන්නේ ” යැයි පවසා එහි පියනෙන් දියණියගේ මුහුණ පුළුස්සා ඇති බවයි පැවසෙන්නේ.
පසුව එම මව පිළිස්සුම් තුවාල සහිත දියණිය සමඟ පැමිණ පානදුර පොලිසියට පැමිණිලි කර ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහලට පිටත්ව ගිය බව වාර්තා වනවා.