යුක්රේනයට අතිරේක හමුදා ආධාර වශයෙන් ඩොලර් බිලියන 1.2ක යුද ආධාර පැකේජයක් ඇමරිකාව විසින් ප්‍රකාශයට පත් කළ බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේය.
නව ආධාර පැකේජයට ගුවන් ආරක්ෂක පද්ධති, සාම්ප්‍රදායික කාලතුවක්කු සහ ඩ්‍රෝන් නාශක අවි, චන්ද්‍රිකා ඡායාරූප සේවා සහ හමුදා පුහුණුව සඳහා අරමුදල් ඇතුළත් වේ.
මේ අතර, පසුගිය සතිය පුරා රුසියානු මිසයිල සහ ඩ්‍රෝන යානා කිහිපයක් කියෙව් සහ යුක්රේනයේ අනෙකුත් ප්‍රධාන නගර වෙත ප්‍රහාර එල්ල කරන ලදී.
කෙසේ වෙතත්, යුද්ධය ආරම්භ වූ දා සිට යුක්රේනයට ඩොලර් බිලියන 35 කට වඩා වටිනා ආයුධ ගෙන ගොස් ඇත.