තමන් මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අද නිවේදනය කළේය. ඔහු සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇත.
ජනතාවට ලබාදී ඇති නිදහස, ප්රජාතන්ත්රවාදය සහ ආරක්ෂාව තවදුරටත් ආරක්ෂා කර ගැනීම සඳහා මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවයි අමෙරිකානු ජනාධිපතිවරයා සිය ට්විටර් සටහනේ සඳහන් කළේ.
මේ වන විට 80 වැනි වියේ පසුවන ජෝ බයිඩ්න් එරට වයස්ගතම ජනාධිපතිවරයා ලෙස දැනටමත් ඉතිහාසගත වී ඇති අතර, 2024 වසරේ පැවැත්වෙන මීළඟ ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් ඔහු ජයග්රහණය කළහොත් ඔහුගේ දෙවැනි ධුර කාලය අවසන් වන විට ඔහුට වයස අවුරුදු 86ක් වනු ඇත.