නැගෙනහිර යුක්රේනයේ කපියන්ස්ක් නගරයේ පිහිටි කෞතුකාගාරයකට රුසියානු ආරක්ෂක අංශ මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මෙම ප්‍රහාරයෙන් එක් අයකුට ජීවිතය අහිමි වූ අතර තවත් දස දෙනකු තුවාල ලැබූහ. ප්‍රහාරයෙන් කෞතුකාගාරය විනාශ වී ඇති අතර, සුන්බුන් අතර සිරවී සිටින මිනිසුන් සහ පුරාවස්තු සොයා මෙහෙයුමක් දියත් කෙරේ.
මේ අතර තුවාල ලැබූ දස දෙනෙකු කෞතුකාගාර සේවකයෝ වෙති. කෙසේ වෙතත්, ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා රුසියාව ප්‍රතික්ෂේප කර තිබේ.