යේමනයේ සානා අගනුවර පාසලක රාමසාන් උත්සවය වෙනුවෙන් පුණ්‍යාධාර බෙදාදීමක් අතරතුර ඇති වූ තෙරපීමකින් පුද්ගලයන් 78 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සීඑන්එන් සහ රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. කෙසේ වෙතත්, බීබීසී පුවත් සේවය වාර්තා කළේ, රැස්ව සිටි පුද්ගලයෙකු අහස දෙසට තිබූ වෙඩිල්ලක් විදුලි රැහැනක වැදීමෙන් පසු සිදුවූ පිපිරීමකින් ඔවුන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ එක් පුද්ගලයෙකුට ඩොලර් 9 ක පරිත්‍යාග එකතු කිරීම සඳහා සිය ගණනක් ජනයා පාසලට පැමිණ ඇති බවයි. 2015 වසරේ රජය පෙරළා දැමීමෙන් අනතුරුව හවුති කැරලිකරුවන් නගරයේ පාලනය සියතට ගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය පවසයි.
අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසා ඇත්තේ ආධාර බෙදා හැරීම සම්බන්ධයෙන් වගකිවයුත්තන් රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බවත්, පරීක්ෂණ ක්‍රියාත්මක බවත්ය. බොහෝ පුද්ගලයන් තුවාල ලබා ඇති අතර ඉන් 13 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව සනා හි සෞඛ්‍ය නිලධාරියෙකු පවසා ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.