“Fedha” නමින් හඳුන්වන කෘත්රිම බුද්ධියෙන් ක්රියා කරන නිවේදිකාවක් හඳුන්වාදීමට කුවේටය පියවර ගෙන තිබෙනවා.
පසුගිය සෙනසුරාදා දිනයේ කුවේට් නිවුස් වෙබ් අඩවියේ ට්විටර් ගිණුමේ ඇය පෙනී සිට ඇති අතර කළු පැහැති ජැකට් සහ සුදු ටී ෂර්ටයකින් ඇය සැරසී සිට තිබෙනවා.
“මම Fedha, Kuwait News හි කෘත්රිම බුද්ධිය සමග වැඩ කරන කුවේටයේ පළමු ඉදිරිපත් කරන්නා. ඔබ කැමති කුමන ආකාරයේ ප්රවෘත්තිවලටද? අපි ඔබේ අදහස්වලට සවන් දෙමු, ” යැයි ඇය අරාබි බසින් ප්රකාශ කොට ඇති බවයි වාර්තා වන්නේ.