පාකිස්තානයේ හිටපු අග්රාමාත්ය ඉම්රාන් ඛාන්ට පනවා තිබූ වසර 03 ක සිරදඬුවම අත්හිටුවා තිබෙනවා.
ඒ, අනුව හිටපු අග්රාමාත්යවරයා ඇප මත මුදා හැරීමටයි ඉස්ලාමාබාද් මහාධිකරණය විසින් නියෝග කර ඇත්තේ.
“ටොෂකානා” දූෂණ නඩුවට අදාළව වරදකරු කරමින් ඉකුත් 05 වනදා පාකිස්තාන අධිකරණයක් මඟින් ඉම්රාන් ඛාන්ට මෙම සිර දඬුවම නියම කළා.