කොළඹ වන් ගෝල්ෆේස් සාප්පු සංකීර්ණයේ පීසා අවන්හලක සේවකයකුට බීමතින් සිටි සුරාබදු නිලධාරීන් පිරිසක් විසින් පහර දී ඇතැයි පොලිසිය කියයි.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ අවන්හලේ ප්‍රධාන කෝකියා සහ සුරාබදු නිලධාරියෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
ඊයේ රාත්‍රියේ කොළඹ වන් ගෝල්ෆේස් සාප්පු සංකීර්ණයේ 6 වැනි මහලේ පිහිටි පීසා අවන්හලක ගැටුමක් ඇති විය. සේවකයෙක් තම වැඩ අවසන් කර පිටත් වීමට අසල මේසයක් මත තම හෙල්මටය තැබීය.
එම අවස්ථාවේදී පැමිණි සුරාබදු නිලධාරීන් පිරිසක් අදාළ හෙල්මටය රැගෙන යාමට උත්සාහ කරන අයුරු අසළ තිබූ සීසීටීවී කැමරාවක සටහන්ව තිබුණා.
ඒ සමඟම ආපනශාලාවේ කළමනාකරු සහ එහි ප්‍රධාන කෝකියා සහ අදාළ නිලධාරීන් කණ්ඩායමක් සමඟ බහින්බස්වීමක් ද ඇති විය. මේ අතර සුරාබදු නිලධාරීන් කිහිප වතාවක්ම කෝකියා පහරදීමට උත්සාහ කරන දර්ශන CCTV කැමරාවේ සටහන්ව තිබුණා.
එහිදී සුරාබදු නිලධාරීන් අතර ඇති වූ ගැටුමේදී කිහිප වතාවක්ම ඔවුන් බිම වැටෙන දර්ශන CCTV කැමරාවේ සටහන්ව තිබුණා. පසුව සුරාබදු නිලධාරීන් 15 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් එම ස්ථානයෙන් පිටව ගොස් නැවත පැමිණ ප්‍රධාන කෝකියාට බිම දමා දරුණු ලෙස පහර දී තිබෙනවා.
පහරදීමෙන් තුවාල ලැබූ ප්‍රධාන කෝකියා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. සුරාබදු නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
ප්‍රහාරය එල්ල කළ සුරාබදු නිලධාරීන් එම අවස්ථාවේ අධික ලෙස බීමත්ව සිටි බව පොලිසිය සඳහන් කළේය. පොලිස් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් මහතා සඳහන් කළේ මේවන විට ඔවුන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන වැඩිදුර විමර්ශන කොටුව පොලිසිය විසින් සිදුකරන බවය.