අධිකරණ ඇමත විජේදාස රාජපක්ෂ අද (09) නිකුත් කළ ලංකාදීප පුවත්පතට ලිපියක් සම්පාදනය කරමින් ඩොලර් මිලියන 53,500ක අපනයන ආදායමක් මෙරටට ගෙන්විත් නැති බව විදේශීය මූලාශ්‍රයක් උපුටාදක්වමින් වාර්තා කර තිබේ.
“රට මකරට දැමූ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය” යන සිරස්තලයෙන් එම ලිපිය නම් කර තිබූ අතර කොළඹ වරාය ආසන්නයේ ගිනිගත් X- Press Pearl නෞකාවෙන් අදාළ වන්දිය ලෙස අවම වශයෙන් ඩොලර් මිලියන 7000ක් රෙමටට ලබා ගැනීම වැලැක්වීම සඳහා ඩොලර මිලියන 250ක කප්පම් දී ඇති බව පාර්ලිමේන්තුවේයි ප්‍රකාශ කරනු ලැබීය. මේ වනවිට අධිකරණ ඇමති ධුරයද දරන ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මේ සා බරපතළ මූල්‍ය අපරාධ පිළිබඳව ජනතාවට වාර්තා කරනවා මිස අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මේ දක්වා කිසිවක් සිදු කර නොමැත.
ලංකාදීප පුවත්පතේ ඩොලර් මිලියන 53,500ක අදාළ තොරතුරු වාර්තා කර තිබූ අයුරින්ම උපුටාගෙන පහත දැක්වේ.
“ඕනෑම රටක මහ බැංකුවක ඵක් මුඛ්‍යතම වගකීම වන්නේ, රටට ලැබිය යුතු විදේශ විනිමය ලබා ගැනීම නිසි පරිදි තහවුරු කිරීමත්, නීති විරෝධී ලෙස රටේ විදේශ විනිමය පිට වීම වළක්වා ගැනීමත්ය. ග්ලෝබල් ෆයිනෑන්සියල් ඉන්ටග්‍රිටි වාර්තාවේ සඳහන් පරිදි, 2021 දක්වා දක්වා වසර දොළහක කාලය තුළ ශ්‍රී ලංකාවේ නිර්යාතකයන් ශ්‍රී ලංකාවට රැගෙන ආ යුතු, එහෙත්, රටට නොගෙනා විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් බිලියන 53.5කි. (by under invoicing their exports) 2022 සහ 2023 වසරවලදී ද එය එසේම සිදු වූවා විය හැකිය. එහෙත්, මහ බැංකුව එදා මෙදාතුර රටට ගෙන්වා ගැනීම සඳහා ගත් කිසිදු පියවරක් දකින්නට නැත. එම මුදල් ප්‍රමාණය ශ්‍රී ලංකාව විදේශීය රටවලට ණය වී ඇති මුදලට වඩා වැඩි ප්රමාණයකි. එම මුදල් රටට රැගෙනවිත් තිබුණේ නම්, මෙරට කිසිසේත් බංකොළොත් වීමකට ඉඩ නොතිබුණි.”