ආක්ටික් කලාපයේ සිර මැදිරියක් තුළ අබිරහස් මිය ගිය රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිගේ දේහය (01) මිහිදන් කෙරුණි.
මොස්කව් අගනුවර ආශ්රිත ප්‍රදේශයක පිහිටි සුසාන භූමියකදී ඔහුගේ අවසන් කටයුතු සිදු කෙරුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දේහය භූමදාන කටයුතුවලට පෙර ඒ පිළිබඳ අවමංගල්‍ය උත්සවය පැවැත්වුණේ මොස්කව් නුවර දේවස්ථානයකදීය.
දේව මෙහෙයට හෝ දේහය භූමදාන කරන අවස්ථාවට සහභාගි වීමට සාමාන්‍ය ජනතාවට අවස්ථාව හිමි වූයේ නැත.
එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබූ අතර පොලිස් නිලධාරීන් විශාල පිරිසක් ආරක්ෂාව සඳහා කැඳවා තිබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේවෙතත් අත්අඩංගුවට පත් වීමේ අවදානම නොතකා රුසියානුවන් විශාල පිරිසක් දේවස්ථානය අවට රැස්ව සිටි බව සදහන් වේ. දේහය දේවස්ථානයට රැගෙන යන අවස්ථාවෙදී ඔවුන් ඇලෙක්සි නවාල්නිගේ නම පවසමින් ඝෝෂා කර තිබේ.
සිරුර මිහිදන් කිරීමේ අවස්ථාව ට ඇලෙක්සි නවාල්නිගේ මව එක්වුවද ආරක්ෂක හේතු මත ඔහුගේ බිරිඳ ඊට එක්වූයේ නැති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ. ව්ලැඩිමීර් පුටින්ගේ අණ පරිදි සිය සැමියාව ඝාතනය කළ බවට නවාල්නිගේ බිරිඳ චෝදනා කරනු ලබයි. සමාජ මාධ්‍යවල සටහනක් තබමින් ඇය තම සැමියාට “අවුරුදු 26ක නිරපේක්ෂ සතුටට” ස්තූතිය පළ කර ඇති අතර ඔවුන් නැවත දිනක මුණගැසෙන බව ද සදහන් කර ඇත.